කොළඹ යෝජිත ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ඉදිරි අපේ‍්‍රල් මාසයේදී ඇරඹීමට සැලසුම් කර ඇති බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.
මෙරට ව්‍යාපාර කටයුතු වල නිරත නොවන මැදපෙරදිග, ජපානය හා කොරියාවේ ජාත්‍යන්තර බැංකු හතක් මෙම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හරහා සිය මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු කියයි.
එසේම දේශීය වශයෙන් ක‍්‍රියාත්මක බැංකු 37 ක් ඇතුළුව පනහකට ආසන්න බැංකු ප‍්‍රමාණයක් මෙම මූල්‍ය මධ්‍යස්ථානය තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවද හෙතෙම පෙන්වා දේ.

